MIG 27 ප්‍රහාරක ජෙට් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

දෙසැ 20, 2021

    සක්‍රීය සේවයෙන් ඉවත් කරන ලද MIG 27 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මොරටුව විශ්වවිද්‍යාලයට අද බාර දෙනු ලැබුවා.

    එහි යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන්යානා ඉංජිනේරු අංශය වෙත එම ප්‍රදානය සිදු කළ බවයි, ගුවන් හමුදාව පවසන්නේ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මාහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන මහතා වෙත ජෙට් යානය නිල වශයෙන් ප්‍රදානය කළා.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පීය දැනුම, විශ්වවිද්‍යාලයේ ගුවන්යානා ඉංජිනේරු අංශය සමග හුවමාරු කරගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද මෙහි දී අත්සන් තැබුණා. ප්‍රමිතියෙන් යුතු විද්‍යාගාරයක් ආරම්භ කිරීම සඳහා ගුවන් හමුදාවේ සහය ලබා දෙන බවයි,ගුවන් හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේ.

    Last modified on අඟහරුවාදා, 21 දෙසැම්බර් 2021 12:49

    Latest News