මෙරට සුවය ලැබූ ගණන 182ක්

මැයි 03, 2020

    කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 182 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

    කොරෝනා වෛරසය ආසාදිතයින් 705 දෙනෙක් මේ වන විට මෙරටින් හදුනාගෙන තිබේ. ආසාදිතයින් 516 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් මෙරටින් තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 07ක්.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 12:29

    Latest News