පුද්ගලයින් 4581 ක් තවදුරටත් නිරෝධායනයේ

මැයි 03, 2020

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 4581 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    පුද්ගලයින් 4903 දෙනෙකු අදාල නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

    නිරෝධායන මධ්‍යස්ථාන 36 ක් ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වේ.

    Latest News