පාසල් 11 විවෘත නොවේ - අගමැති

මැයි 03, 2020

    රට පුරා සියලු පාසල් වල දෙවැනි වාරය එළඹෙන 11 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද රට තුළ පවතින තත්වය මත එදිනට පාසල් විවෘත කරන්නට නොහැකි බව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පාසල් දරුවන් විසින් විමසන ලෙද ප‍්‍රශ්න වෙත පිළිතුරු දෙමිනි.

    ඇඳිරිනීතිය දිගින් දිගටම පැවතීම හේතුවෙන් නිවාස වලට වී සිටින දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වාගෙන යන වැඩසටහනකදී පාසැල් දරුවන්ට ප‍්‍රශ්ණ යොමු කිරීමට තෝරාගෙන ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

    එම වැඩසටහන අනුව යොමු කරන ලද පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    Latest News