රාජාංගනය - දැදුරුඔය වාන් දොරටු ඇරේ

දෙසැ 23, 2018

    රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින් ද දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 01 බැගින් ද අද (23) අලුයම විවෘත කර තිබේ.

    මෙම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් ප්‍රදේශවල පදිංචිකරුවන් අවධානයෙන් පසුවන්නැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කරයි.

    රාජාංගන ජලාශයෙන් මුදා හැරෙන ජලය කලාඔයට එකතුවීම නිසා එහි ජල මට්ටම ද ඉහළ ගොස් ඇත. මේ නිසා පුත්තලම - මන්නාරම පැරණි මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී ඇත.

    Latest News