ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

දෙසැ 23, 2018

    අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    ගංවතුර තර්ජනය පහව යනතෙක් තර්ජිත ප්‍රදේශවල වැසියන් සියලු දෙනා වෙත අවශ්‍ය සියලු පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශවලට උපදෙස් දී ඇති ජනාධිපතිතුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, දිස්ත්‍රික් ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩි දුරටත් උපදෙස් දී ඇත.

    උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට ද කටයුතු කර තිබේ.

    kiliflood1 px 900 18 12 23.jpg copy

    ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කවල වැසියන් විපතට පත්ව පීඩා විඳින අතර එම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ආරක්‍ෂිත කඳවුරු 40ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 23 දෙසැම්බර් 2018 12:11

    Latest News