රාජාංගණය, අංගමුව සහ කලාවැවේ වාන් දොරටු විවෘත කෙරේ (වීඩියෝ)

ඔක් 19, 2019

    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රාජාංගණය, අංගමුව යන ජලාශවල සහ කලාවැවේ වාන් දොරටු 2 බැගින් විවෘත කර තිබේ.

    රාජාංගණය ජලාශයේ වාන් දොරටු මගින් තත්පරයකට ඝන අඩි 510ක ජල ධාරිතාවක් මුදාහැරෙන අතර කලාවැවේ වාන් දොරටු මගින් තත්පරයකට ඝන අඩි 3,000ක ජල ධාරිතාවක් මුදාහැරෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.

    මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි හො ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  එම වැසි තත්වය සමග තාවකාලික තද සුළං සහිත තත්වයක්ද ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News