අදත් හවස් කාලයේ වැස්ස

මැයි 02, 2020

    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විය අකුණු සහ තාවකාලික තද සුළං ද පැවතිය හැකියි.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 13:36

    Latest News