වෙසක් දිනය සැමරිය යුත්තේ, සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින් (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • සමස්ත ලෝවැසි බෞද්ධයන් එක්ව සමරන වෙසක් පුන් පොහෝ දිනයට තව ඇත්තේ දින කිහිපයක් පමණි.

    “ආරෝග්‍යා පරමා ලාභා“ යන බුදුවදන ප්‍රායෝගිකව දැනෙන යුගයකටයි අප අවතීර්ණ වී සිටින්නේ. වෙසක් දිනය සැමරිය යුත්තේ, සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින්.

    තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිකරමින් අප වෙසක් පොහෝ දිනය සමරනු ලබනවා. ඒ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්, ශ්‍රී ලංකාවාසි බෞද්ධ අපට පසුගිය වසරේ වෙසක් දිනය සැමරීමට අවස්ථාව හිමිවුයේ නැහැ. ඒ පාස්කු ප්‍රහාරය හේතුවෙන්. මෙවර වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ, සාමූහිකව එක්රැස් වීමෙන් තොරවයි.

    දාන, ශිල, භාවනාදී වැඩසටහන් මෙන්ම වෙසක් සැරසිලි සඳහා ද සැදැහැවතුන් දක්වන්නේ දැඩි උනන්දුවක්. ඊට, වැඩිහිටි තරුණ මෙන්ම කුඩා දරුවන් ද ප්‍රියතාවක් දක්වයි. එහෙත්, මෙවර වෙසක් උත්සවය සැමරීමට පවතින තත්වය හමුවේ යම් බාධා එල්ල වී තිබේ. එම බාධාවන් හමුවේ වුවද, වෙසක් සැරසිලි නිමැවුමට ජනතාව පෙළඹී සිටී. වෙනදා මිලදීලගත් වෙසක් කූඩු, විදුලි බුබුළු වෙනුවට විකල්ප සොයා ගැනීමට ජනතාවට සිදුවෙලා. එම තත්වය හමුවේ වඩාත් දුෂ්කරතාවට පත්ව ඇත්තේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්.

    වෙසක් සමය බබලවන්නේ, තොරණයි. ඊට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. එමෙන්ම එය කර්මාන්තයක් ද වේ. එමගින් යැපෙන නිර්මාණශීලින් බහුතරය ද අද අසීරුතාවට පත්වෙලා. සමස්ත ලංකා තොරණ නිර්මාණ ශිල්පීන්ගේ සංගමය මේ සම්බන්ධව අදහස් පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:14

    Latest News