සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට ද වාසි ලැබෙන කාබනික ගෙවත්ත (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • දිරිය මිනිසුන් ජිවිතය ජයගත් අයයි.

    මේ මොහොතේ අප දිරියෙන් නැගී සිටිය යුතුය. එවිට අපට ජයගත නොහැකි අභියෝගයක් නැහැ. “දිරියෙන් ඉදිරියට“ විශේෂාංගයෙන් අද කතා බහ කෙරෙන්නේ, එවැනි දිරිය ගොවි පවුලක් පිළිබඳවයි.

    අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, ගල්වඩුවාගම චන්ද්‍රිකා මහත්මියගේ කාබනික ගෙවත්ත. ඇය තිදරු මවක්. ඇයගේ ගෙවත්තේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය වස විසෙන් තොර එළවළු වගාකර තිබේ. එය සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට ද ඇයට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලක්. වගාව සඳහා අවශ්‍ය පොහොර සකස් කර ගැනීම ඇය විසින්ම සිදුකරයි. ඒ, නිවසේ එක්රැස්වන අපද්‍රව්‍ය එක්කර ගනිමින්.

    මෙම සියලු කටයුතු සඳහා ඇයගේ සැමියාගෙන් ද නොමඳ සහයක් හිමිවේ. පවුලට අවශ්‍ය දෛනික දියර කිරි නිෂ්පාදනය කර ගන්නේ ද ඔවුන් සතු ගව සම්පතින්. එක් රැස්වන ගොම පොහොර කෘෂි වගාව සඳහා යොදා ගනී. ජීව වායු ජනකයෙන් නිපදවා ගන්නා වායුව නිවසෙහි ඉවුම්, පිහුම් සඳහා යොදා ගන්නා බව ඔවුන් පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 20:11

    Latest News