ප්‍රවිණ ඉන්දීය සිනමා නළු රිෂී කපූර් මිය යයි

අප්‍රේ 30, 2020

    ප්‍රවිණ ඉන්දීය සිනමා නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු සග නිෂ්පාදකවරයෙකු වූ රිෂී කපූර් මහතා අද අභාවප්‍රාප්ත වූ බව වාර්තාවේ. මියයන විට ඔහු 67 වන වියෙහි පසු විය.

    කලක සිට පිළිකා රෝගයෙන්‌ පීඩා විඳි රීෂී කපූර්, අමෙරිකා එක්සත්‌ ජනපදයේදී සහ ඉන්දියාවේදී වරින්වර ප්‍රතිකාර ලැබූ බව සඳහන් වේ. සම්මාන ගණනාවකින්‌ පිදුම්‌ ලැබු හෙතෙම 1974 8 ෆිල්මි ෆෙයාර්‌ සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ද දිනා ගෙන ඇත. පීවිත කාලය තුළ එක්වරක්‌ පමණක්‌ ලැබෙන යාවජීව සම්මානයට ,රීෂී කපූරි හිමිකම්‌ කීවේ 2008 වසරේදී ය. 1952 සැප්තැම්බර්‌ 04 ලුම්බායි හිදී උපන් ඔහු ජනප්‍රිය නිළියක වූ නීතු සිං සමග විවාහ වී පුතුන්‌ දෙදෙනෙකු සිටි. ජනප්‍රිය නළු රන්වීර් කපූර් ඔහුගේ එක් පුතෙකි.

    චිත්‍රපට 92කට පමණ රංගනයෙන්‌ දායක වූ රීෂී කපූර්, අතිශයෙන්‌ ජනප්‍රියත්වයට පත්‌ චිත්‍රපට 36ක පමණ රඟපෑමෙන්‌ වාර්තාවක්‌ තබා තිබේ. එම චිත්‍රපට 36 ඉන්දියාවේ ඉහළම ආදායම්‌ ලැබූ චිත්‍රපට අතරට එක්විය. රිෂී, රන්වීර්‌, රජිව්‌ යන කපුර්‌ නාමය සහිත තිදෙනෙකු එක්ව චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරමින්‌ ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ වාර්තාවක්ද තබා තිබේ. 'ද්‍රේෂ්‌ ග්‍රාන්ත්‌' නැමති එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ රජිව්‌ කපූර්‌ විසිනි.

    Latest News