ආරක්ෂක උපකරණ කට්ටල තොගයක් ඔස්ට්‍රේලියාවෙන්

අප්‍රේ 30, 2020

    කොව්ඩ්‌ 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුමට තවත්‌ ආරක්ෂක උපකරණ කට්ටල තොගයක්‌ ඊයේ පරිත්‍යාග කෙරිණ.

    එම භාණ්ඩ තොගය, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාර්ස්‌ ඩේව්ඩ්‌ හොලි මහතා විසින්‌ යුද හමුදාපති ලුතිනන්‌ ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහනා වෙත බාරදෙනු ලැබිණි.

    ඔස්ට්‍රේලියානු ඩොලර්‌ එක්ලක්ෂ පනස්දහසක්‌ වටිනා ආරක්ෂක උපකරණ, අත්වැසුම්‌ ඇතුළු භාණ්ඩ තොගයක්‌ ඊට ඇතුළත්‌. කොවිඩ් 19 චෛරසය වෛරසය මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට අඛණ්ඩව සහයෝගය දක්වන බවයි, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්‌ ඩේව්ඩ්‌ හොලි මහතා, මෙහිදී සඳහන්‌ කර සිටියේ. එම සහයෝගීතාවය සහ සුභදත්වය යුද හමුදාපතිවරයා මෙහිදී අගය කළේය.

    Latest News