සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස ජීවත්වන්න

අප්‍රේ 26, 2020

    ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම වඩාත් සෞඛ්‍යමත් පරිසරයක් තුළ ආරක්ෂාකාරී ලෙස සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාමට මුලික පියවර ගන්නැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ප්‍රවාහන අංශයේ සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතාට උපදෙස් දී ඇත.

    ඒ අනුව අන්තර්ජාලය මඟින් නුගේගොඩ ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබා ගැනීම සඳහා වේලාවන් වෙන් කර ගැනීමට ලබා දී ඇති පහසුකම්වලට අමතරව අන්තර්ජාල පහසුකම් නොමැති සේවා ලාභීන්ට ප්‍රධාන කාර්යාලයෙන් හා අනෙකුත් ශාඛාවලින් සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන්කරවා ගැනීමට අදාල ශාඛාවල දුරකථන අංක මඟින් පිළිවන.

    නැවත සේවාවන් ආරම්භ කළ පසු සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ (පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා) එම දුරකථන අංක ඇමතීම මඟින් පහසු වේලාවන් වෙන්කරවා ගත හැකිය.

    යම් හෙයකින් එම දුරකථන අංක සම්බන්ධ කර ගැනීමට නොහැකි නම් වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා අවශ්‍ය ශාඛාව සඳහන් කර 071 - 4 553 991 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීම මඟින් අදාල ආයතනය මඟින් සේවාලාභීන් සම්බන්ධ කර දීමට කටයුතු කරනු ලබන බව සභාපති වෛද්‍ය ශවින්ද්‍ර ගමගේ මහතා පවසයි.

    ශාඛාවන්හි දුරකථන අංක පහත පරිදි වේ.

    ප්‍රධාන කාර්යාලය- 011-2812796, 011-2812795, 011-2852095, 011-2852868

    අම්පාර - 063-2222927

    අනුරාධපුර - 025-2236470

    බදුල්ල - 055-2225680

    මඩකලපුව - 065- 2227803

    ගාල්ල - 091-2226868

    ගම්පහ - 033-2248861

    හම්බන්තොට - 047- 2256255

    යාපනය - 021- 2219752

    කළුතර - 034-2236282

    මහනුවර - 081-2384479

    කෑගල්ල - 035-2051957

    කිලිනොච්චි - 021-2285969

    කුරුණෑගල - 037-2221701

    මන්නාරම - 023-2251559

    මාතලේ- 066-2226880

    මාතර - 041-2234360

    මොණරාගල - 055-2277434

    මුලතිව් - 021-2290202

    නුවරඑළිය - 052- 2235370

    පොළොන්නරුව - 027-2227823

    පුත්තලම - 032-2266385

    රත්නපුර - 045-2226282

    ත්‍රිකුණාමලය - 026-2226182

    වව්නියාව - 024-2225538

    වේරහැර - 011-2517432

    Latest News