ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් 113 ක් දිවයිනට

අප්‍රේ 26, 2020

    ඉන්දියාවේ සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 113 දෙනෙකු අද දිවයිනට රැගෙන විත් තිබේ.

    විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළේ, මේ පිරිස රැගෙන ඒම සඳහා ඉන්දියාවේ කොයිම්බතූර් බලා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක් පිටත්ව ගිය බවයි.

    එම ගුවන් යානය අද මධ්‍යහ්න 12.15 ට පමණ ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන දිවයිනට පැමිණ තිබේ.

    මෙම පිරිස දින 21 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන අතර PCR පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට කටයුතු කරනු ඇත.

    ඉන්දියාවේ තවදුරටත් සිරවී සිටින සිසුන් ඇතුළු 1000ක් හා බංග්ලාදේශයේ සිටින සිසුන් 80 දෙනෙකු ද පියවරෙන් පියවර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා නිව්ස් ෆස්ට් වෙත අද ප්‍රකාශ කළේය.

    Latest News