ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

අප්‍රේ 20, 2020

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව හා උතුරු මැද පළාත්වලත් යාපනය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඇතැම් ස්ථාවලට මිලිමීටර 100 කට වැඩි තද වැසි විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවලට තාවකාලික තද සුළං ද ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

     

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 14:46

    Latest News