ඉදිරි වැඩ ගැන සාකච්ජාවට තානාපතිවරු එක්වෙයි

අප්‍රේ 16, 2020

    අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් අද දින (16) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විය.

    අමෙරිකාව එංගලන්තය යුරෝපානු සංගමය ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මෙරට සිටින තානාපතිවරුන් මෙම රැස්වීමට සහභාගි වූහ.

    කොරෝනා උවදුර හමුවේ මෙරට රජය හා ජනතාව ලබා ඇති ප්‍රගතිය පිළිබදව ඒ ඒ රටවල ප්‍රසාදය මෙම රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ශ්‍රී ලංකා රජයට පිරිනමන ලදී. ඉදිරි කටයුතු සදහා ඉහත සදහන් රටවල සහය ලබා දෙන බව ද ප්‍රකාශ කරන ලදි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 17:13

    Latest News