කසිප්පු පෙරූ 15ක් අත්අඩංගුවට

අප්‍රේ 14, 2020

    සියඹලාණ්ඩුව පොලිස් වසම තුළ ඇඳිරි නීති කාලසීමාවේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත් පැන්, ගෝඩා සහ පෙරීම් උපකරණ සමඟ සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.

    මෙම වැටලීම් සියඹලාණ්ඩුව ඌරාගොඩ, පහතආරාව සහ මුතුකණ්ඩිය යන ප්‍රදේශවල සිදුකර ඇති අතර මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

    මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදනාගාර ලෙස මෙම ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති අතර ප්‍රදේශයේ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ඇඳිරි නීති සමයේමෙම මත්පැන් අලෙවි කර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    Latest News