විශ්‍රාමික අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

අප්‍රේ 11, 2020

    1959 පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 88 වැනි වියේ පසුවිය.

    මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ දෙමාපියන් වූයේ, කුරුකුලසූරිය විල්ප්‍රඩ් සෙවනාරිස් ප්‍රනාන්දු මහතා සහ ලිලී මේරි මාග්‍රට් ප්‍රනාන්දු මහත්මියයි. උන්වහන්සේ 1932 දී උපත ලැබුවේ 08 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ලෙසයි. ප්‍රනාන්දු හිමිපාණන්, මීගමුව, මුන්නක්කර මහාවීදිය ශාන්ත මරියා පල්ලියෙහි බෞතීස්මකරණය කළ 115 වැනියායි. 

    මුන්නක්කර දෙමළ ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව 1942 මීගමුව ශාන්ත මරියා විදුහලට ඇතුලත් විය. මාකස් ප්‍රනාන්දු හිමිපාණන්, දෙව්සත්හලට ඇතුලත් වූයේ 1945දීය. එංගලන්තයේ ලන්ඩන්හි මූලික උපාධිය ලබාගත් උන්වහන්සේ 1954 දී රෝමයේ ප්‍රොපගැන්ඩම් මිෂනාරි සරසවියේ උසස් අධ්‍යාපනයට යොමු විය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසත්, උන්වහන්සේ සේවය කළේය.

    පුරා වසර 25ක් කොළඹ අගරදගුරු පදවි දැරූ උන්වහන්සේ 2002 වසරේ ජුලි 26 වැනි දින එම පදවියෙන් විශ්‍රාම ගත්තේය.

    Latest News