ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකට පැය 12ක් ජලය කපයි

අප්‍රේ 11, 2020

    ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද (11) පස්වරු 4.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

    ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇළ, කටුනායක, සීදුව, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභාවේ කොටසකට එය බලාත්මක වනු ඇත.

    Latest News