දැරියක් අපයෝජන චෝදනා ලද මන්ත්‍රී පක්ෂයෙන් ඉවතට

අප්‍රේ 10, 2020

    තණමල්විල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට පත්වූ සභිකවරයෙකු දූෂණ චෝදනාවකට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි විනයක් සහිතව කටයුතු කරන පක්ෂයක් වන අතර පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයින් තුලින් ද අප පක්ෂය ඉතා ඉහළ විනයක් බලාපොරොත්තු වෙයි.

    අප පක්ෂය විසින් සියලුම මහජන නියෝජිතයින් හට නාම යෝජනා ලබාදෙන අවස්ථාවේදීම සමාජය තුළ ඔවුන්ගේ විනයානුකූල හැසිරීම හා නීතිගරුකභාවය සම්බන්ධව අවධාරණය කර ඇති අතර මින් පෙර කිහිප වතාවක එසේ නීති විරෝධී ආකාරයෙන් හෝ විනය විරෝධී ආකාරයෙන් කටයුතු කළ සියලු මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කර ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කොට ඔවුන් දරන තනතුරු වලින් ඉවත් කිරීම සිදුකොට ඇත. ඒ අනූව මෙම අවස්ථාවේ දී අදාළ තනමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර ඇති බවත්, ඒ අනූව විනය පරීක්ෂණයක් සිදුකර පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 17:26

    Latest News