කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘතයි..කාර්යමණ්ඩලය 42ක් නිරෝධායනයට

අප්‍රේ 10, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කර තිබේ.

    එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 42 දෙනෙකු එම ඒකකයෙන් ඉවත් කර නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

    කෙසේවෙතත් එම ඒකකය විෂබිජ හරණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ප්‍රතිකාර කටයුතු සඳහා විවෘත කළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

     

     

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 13:13

    Latest News