රිය අනතුරකින් කාන්තාවක් දෙදෙනෙක් මරුට

අප්‍රේ 10, 2020

    මන්නාරම, මුරුන්කන්, පරප්පකන්ඩාල් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් සහෝදරියන් දෙදෙනෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් තුවාල ලැබූවන් මන්නාරම රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය. පොලිසිය පැවසුවේ අනතුරින් සන්දියෝගු ලින්ඩා නමැති 40 හැවිරිදි කාන්තාවක් හා සන්දියෝගු ටෙරන්සි නමැති 25 හැවිරිදි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 12:56

    Latest News