විශ්‍රාම වැටුප් නොලැබුණු පුද්ගලයින්ට ඒ පිළිබඳ විමසීමට විශේෂ දුරකතන අංකයක්

අප්‍රේ 04, 2020

    තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදා හැරෙන විශ්‍රාම වැටුප් නොලැබුණු පුද්ගලයින්ට ඒ සඳහා විමසීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

    තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, 1950 දුරකථන අංකය ඒ සඳහා හඳුන්වා දී ඇති බවය.

    තැපැල් සේවකයින් විසින් ඊයේ හා පෙරේදා දිනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් බෙදා හැරීම සිදු කරනු ලැබිණ.

    95 % කට මේ වනවිට විශ්‍රාම වැටුප් බෙදා හැර අවසන් බව ද තැපැල්පතිවරයා සඳහන් කළේය.

    ඔහු පැවසුවේ ඇතැම් පුද්ගලයින් අදාළ ලිපිනයන්වල නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් ලබා දීමට නොහැකි වූ බවයි.

    ලබන 06 වැනිදා ද ඒ සඳහා අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේය.

    Latest News