රටේ වත්මන් තත්වය ගැන අගමැති, පක්ෂ නායකයින් සමග සාකච්ජාවක

අප්‍රේ 02, 2020

    රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග කරන සාකච්ජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    ඒ අරලියගහ මන්දිරයේ දී. මෙහි දී කොරෝනා වෛරසය පාලනයට ගනු ලබන ක්‍රියාවලිය සාකච්ජා කෙරේ. ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරෙනු ඇති.
    පක්ෂ නායක හමුවට පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරූ ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහාචාර්ය ජී.එල්.පීරිස්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු තවත් බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 19:00

    Latest News