කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට WHO ප්‍රසාදය

අප්‍රේ 01, 2020

    කොරෝනා වෛරසය මර්දනයට හා නිරෝධායනය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රසාදයට ලක්වී තිබේ.

    එම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාව කෙටි කලක් තුළදී විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි. 


    ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට දුරකතනයෙන් ඇමතූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රොස් ගේබ්‍රියේෂස් මහතා වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින සෞඛ්‍ය හා ආර්ථික තත්වය පිළිබඳ සාකච්ජා කළ බව, ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්. ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය මර්දනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කළ බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා තිබේ.
    මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

    මෙම දුරකතන සාකච්ජාවේදී ශ්‍රී ලංකාව ගෙන ඇති ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන එකඟ කරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවයි.

    අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල් පෙළේ රටවල නායකයින් ඊට එකඟකර ගන්නැයි ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී. සංචාරක ව්‍යාපාරය, අපනයන, විදෙස්ගත රැකියාලාභීන්ගෙන් ලැබෙන ආදායම් සහ ණය හා කොටස් වෙළෙඳ පොළේ විදේශ ආයෝජන මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය රඳා පවතී. එවැනි අවදානමට පත් සංවර්ධනය වන රටවලට සහන සලසන ලෙස, ජනාධිපතිතුමා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

    Latest News