නිරෝධායනය සම්බන්ධයෙන්, සමාජයේ පවතින දුර්මත බැහැර කරමු

මාර් 30, 2020

    නිරෝධායනය සම්බන්ධයෙන්, සමාජයේ පවතින දුර්මතයන් බැහැර කිරීමේ අවශ්‍යතාව විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය අවධාරණය කරයි.

    ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් ලබාදෙන ප්‍රියංගා රණසිංහ මහත්මිය...

    “ඔබේ නිවසට මීටරයකට වඩා දුරින්, තමන්ගේම නිවසේ රැදී සිටින මොවුන්ගෙන් අසල්වැසියන්ට හානියක් නැහැ. මොවුන් ඔබටත් රටටත් කරන්නේ සුවිශේෂි මෙහෙවරක්.
    ලෝකයේ ඕනම රටක ඕනම තරාතිරමක ඕනෑම පුද්ගලයෙකුට මෙම රෝගය වැළඳිය හැකියි. වැදගත් වන්නේ ගතින් එකිනෙකා ඈත්වී, සිතින් වඩාත් ළංවී දිරිමත් කිරීමයි. කොන්කිරිම සැඟවීමට පෙළඹවීමක්. රෝගියා තමාත් තමාගේ පවුලේ අයත් සමස්ත රටවැසියාමත් විනාශයට පත්කිරීමක්.
    පසුගිය දින 14 තුළ විදේශ රටක සිට පැමිණියා නම්, එවන් පුද්ගලයෙක් ඇසුරු කළානම්, රෝගියෙක් හෝ රෝගි යැයි සැක කරන පුද්ගලයෙක් සමීපව ඇසුරු කළානම් මෙම රෝග ලක්‍ෂණ තිබෙනවා නම්, ඔබට කොරෝනා යැයි සැකකරන්න පුලුවන්” යැයි විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය පැවසුවාය.

    Latest News