මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතයි

මාර් 30, 2020

    මහජන පැමිණිලි සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මහජන පැමිණිලි සඳහා පැය 24ම ක්‍රියාත්මකව පවතී.


    ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මහජන පැමිණිලි දුරකථන මාර්ගයෙන් ලබා ගැනේ. විවිධ පුද්ගලයින් හා සංවිධාන වෙතින් දිනකට මහජන සම්බන්ධතා අංශයට පැමිණිලි දස දහස ඉක්මවා ලැබෙන අතර, ඉන් බොහොමයකට එම අවස්ථාවේදීම විසඳුම් දීමට කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරයි. මහජන පැමිණිලි අංශයට විසඳිය නොහැකි ගැටළු ඒ ඒ අංශ අනුව ලඝුගත කොට දිනපතා ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබේ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹෙමින් ඒවාට විසඳුම් දීම සිදු කෙරේ.


    රජයදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක011-4354550 / 0114354655 ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.
    එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක,0112354354අමතා - දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.
    කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත තොරතුරු දැනුම්දීම් සඳහා දුරකථන අංක 0112860003 / 0112860004 විවෘතව තැබේ.
    0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද තොරතුරු ඉදිරිපත් කළ හැක.

    Latest News