මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 115ක්

මාර් 29, 2020
    මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.ඒ තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
    එසේම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ (28) පස්වරුවේ වාර්තා විය.
    ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගියේය.
    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 08:12

    Latest News