28 වසකට පසු මුල්හිමිකරුවන්ට ලැබුණු මන්නාරම් ඉඩම්

ඔක් 18, 2018

    මන්නාරම, යුද හමුදාව යටතේ පැවති සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර පහක් වසර 28 කට පසුව මුල් අයිතිකරුවන් වෙත පැවරීමේ වැඩසටහනක් ඊයේ (17) සිදුකරනු ලැබීය.

    මන්නාරම ප්‍රාදේශීය ලේකම් එස්.කනගාම්බිකෙයි මහත්මිය වෙත යුද හමුදාව මෙසේ පවරාදෙනු ලැබුවේ මන්නාරම, තිරුකේදීශ්වරන් මාන්තෙයි ප්‍රදේශයේ අක්කර පහකි.

    යුද ගැටුම් හේතුවෙන් සිවිල් ජනතාව 1990 වසරේ එම හැරගොස් තිබිණි.

    අනතුරුව ආරක්ෂක අංශ විසින් අදාළ ඉඩම් සිය ආරක්ෂක අංශ කදවුරු සීමාව වෙත පවරාගෙන තිබිණ.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉඩම් නිළධාරි කේ.වසන්තන් මහතා කියා සිටින්නේ පවුල් 15 කට අයත් ඉඩම් එලෙස සිවිල් වැසියන් වෙනුවෙන් පැවරීම සිදුකිරීමට නියමිත බවයි.

    මේ ඉඩම් වසර 28ක පමණ කාලයක් ආරක්ෂක අංශ විසින් පවරාගෙන සිටියේය.

    Mannar1 750px 18 10 18

    Mannar2 750px 18 10 18

     

    Latest News