නව්‍යකරණයේ අභිමංගල්‍යය (වීඩියෝ)

ඔක් 18, 2018
  • ජාතික රූපවාහිනිය නව්‍යකරණයට ලක් කරමින් නව වැඩසටහන් රැසක් හඳුන්වාදීම “නව්‍යකරණයේ අභිමංගල්‍යය“ නමින් කොළඹ දී සිදු කෙරුණි.

    ජාතික රූපවාහිනිය ඉදිරියේදී විකාශය කිරීමට නියමිත ටෙලි නාට්‍ය, රියලිටි වැඩසටහන්, සංගීතමය හා දේශපාලනික වැඩසටහන් ඇතුළු නව මානයකින් ප්‍රේක්‍ෂක ආකර්ශනය දිනාගත හැකි වැඩසටහන් රැසක් එහිදී හඳුන්වා දෙනු ලැබීය.

    ජාතික රූපවාහිනිය ඩිජිටල් මාධ්‍යකරණයට පිවිසීම ද මෙහිදී සිදු වි.

    “රූ නිවුස්, රූ බුක්, රූ ඇලට්“ ලෙස ඩිජිටල් නව්‍යකරණයට ජාතික රූපවාහිනිය පිවිසිණ.

    2019 ක්‍රිකට් ලෝක කුසලාන නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය ලබාගත් බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම ද මීට සමගාමීව සිදු කෙරුණි.

    ජාතික රූපවාහිනියේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද, අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න, ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ නවාස් මොහොමඩ් යන මහත්ම, මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 19 ඔක්තෝබර් 2018 11:08

    Latest News