මාධ්‍ය හැඳුනුම්පතෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ

මාර් 23, 2020

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති, 2019 වර්ෂයේ මාධ්‍ය හැඳුනුම්පතෙහි වලංගු කාලය මැයි 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මාර්තු 31 වැනි දින දක්වා වලංගු කාලය පැවැතුණ ද උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි එම කාලය දීර්ඝ කර ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව 2020 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාධ්‍ය හැඳුනුම්පත මෙතෙක් ලැබී නොමැති, එහෙත් 2019 වර්ෂය සඳහා වලංගු වන ලෙස නිකුත් කර ඇති මාධ්‍ය හැඳුනුම්පත් දරන මාධ්‍යෙව්දීන්ට ද සිය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට මෙයින් පහසුකම් සැලසේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇත.

    Latest News