ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනා ස්වයං - නිරෝධායනයට

මාර් 23, 2020

    ගාල්ල බන්ධනාගාරයේ රැඳයන් සිව්දෙනෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවීම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව්දෙනා ස්වයං නිරෝධනයට ලක්කර ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    මොවුන් ප්‍රතිකාර සඳහා ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.

    එහිදී වෛද්‍යවරුන් විසින් මොවුන් පරීක්ෂා කර බෙහෙත් ලබාදී ස්වයං නිරෝධානයට ලක්ව සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.

    ඉන් රැදවියන් දෙදෙනෙකු බන්ධනාගාර ගතවී ඇත්තේ ඉකුත් 13 වැනි දින බව පැවසේ.

    Latest News