ඇදිරි නීතියෙන් පසු භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්

මාර් 22, 2020

    කොළඹ දිස්ත්‍රික්කයේ ඇදිරි නිතිය අවසන් වු වහාම ජනතාවට අවශ්‍ය සියලු දේ සමුපකාර හා සතොස වෙලදසැල් වෙතින් මිලදි ගැනිමට මේ වනවිට සියලුම තැන් වලට ලොරි පිටත් කර යැවීමට උපදෙස් දී තිබේ.

    ඇදිරි නීතිය අවසන් කල පසු වෙළඳසැල් තුළට පාරිභෝගිකයින් එක්වර එක්වීම වළක්වාලීමේ අරමුණින් පොලිසිය හා ග්‍රාමනිළධාරීන් යොදා පරතරයක් ඇතිව පෝලිම්වල ගොස් භාණ්ඩ මිලදී ගැනිමේ වැඩපිළිවෙළක් යොදා තිබේ.

    සතොස බලධාරීන්, සමුපකාර නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මේ පිලිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

    Latest News