කතරගම පුදබිමේ යාචකයන්ටත් ආහාර (වීඩියෝ)

මාර් 22, 2020
  • කතරගම පුදබිමේ යාචක පිරිසකට සහ ගවයින් ඇතුලු සතුන්ට මේ දිනවල ආහාර ලබාදීම කතරගම මහ දේවාලය පියවර ගෙන තිබේ.

    ඇඳිරි නීතිය හේතුවෙන් බැතිමතුන් නොපැමිණීම නිසා යාචකයන් මෙන්ම, ප්‍රදේශයේ ගැවසෙන සතුන් ද දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටියි.

    කතරගම ප්‍රදේශයේ 90%ක් පමණ ජීවත් වන්නේ දෛනිකව දහස් ගණනින් පැමිණෙන බැතිමතුන්ගෙන් ලැබෙන ආදායමෙන්. යාචක පිරිස ජීවත් වන්නේ ද බැතිමතුන් ලබා දෙන ආධාර හා ආහාර පාන මගින්. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක හා වන්දනා ගමන් අත්හිටුවීම නිසා එම පිරිස දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටියි. ඇවිද ගැනීමට පවා නොහැකි යාචකයන් හා වයෝවෘද්ධ පිරිස් වෙත ආහාර ලබාදීමට කතරගම දේවාලයේ බස්නායක නිලවේ දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් පියවර ගනු ලැබීය.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 14:37

    Latest News