කොටුව දුම්රිය ස්ථානයත් නාවික හමුදාවෙන් විෂබීජහරණයට

මාර් 21, 2020

    කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයන් නාවික හමුදාව විසින් විෂබීජහරණයට ලක් කර තිබේ.

    නාවික හමුදාව පැවසුවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික, හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මහජනතාව බහුලව ගැවසෙන ‍කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඊයේ විෂබීජහරණයට ලක්කළ බවයි.

    නාවික හමුදාව පැවසුවේ මෙවැනි ජනාකීර්ණ ස්ථානයන්හි වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටින බවය.

    Latest News