2020 EF ග්‍රාහකය අද පෘතුවිය ආසන්නයට

මාර් 18, 2020

    නාසා ආයතනය විසින් 2020 ඊ එෆ් ලෙසින් නම් කළ ග්‍රාහකය අද පෘතුවිය ආසන්නයේ ගමන් කිරීමට නියමිතයි. ඉන් ප්‍රභල හානියක් නොවනු ඇති බව, නාසා ආයතනයේ පෘතුවියට ආසන්න වස්තු අධ්‍යයන කේන්ද්‍රය පෙන්වා දෙයි.

    අඩි 98ක විෂ්කම්භයකින් යුත් මෙම ග්‍රාහක කැබැල්ල පැයට සැතපුම් 100,000 වඩා වේගයෙන් ගමන් කරන බව, නිරීක්ෂණය කර තිබේ. ලංකාවේ වේලාවෙන් අද උදෑසන 8.30ත් 9.00ත් අතර කාලය තුළ පෘතුවිය ආසන්නයෙන් ග්‍රාහකයා ගමන් කිරීමට නියමිත බවයි, නාසා ආයතනය පවසන්නේ.

    ග්‍රාහකයේ ප්‍රමාණය කුඩා බැවින් ඉන් පෘතුවියට හානියක් නොවනු ඇති බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. යම් හෙයකින් එය පෘතුවි වායුගෝලයට ඇතුළු වුනහොත් ඉන් ඇති වන ආලෝකය සූර්යයලෝකය මෙන් 30 ගුණයකින් වැඩි විය හැකි බැවින්, එම ආලෝකය නැරඹීම මගින් දෘෂ්ටි දෝශ ඇතිවීමේ අවධානමක් බව ද බලධාරීන් අවධාරණය කරයි.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 08:19

    Latest News