විදේස් රටවල සිට පැමිණෙන්නන් ලියාපදිංචි වීමට නව දුරකතන අංක

මාර් 17, 2020

    පසුගිය මාර්තු මස 01වනදා සිට 10වනදා දක්වා කාල සීමාවේදී දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 548 දෙනෙක් මේ වන විට පොලිස් හදිසි දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචිවී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරු ලබාදෙමින් දුරකථන ඇමතුම් 3000ක් පමණ ලැබී ඇති බවයි.

    කෙසේ වුවත් 119 හදිසි දුරකථන අංකයට අමතර විශේෂ දුරකථන 05 ක් සහ ඊමේල් ලිපිනයක් පොලිසිය විසින් අලුතින් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව 0112 44 44 80 / 0112 44 44 81 / 0115 97 87 20 / 0115 97 87 30 / 0115 97 87 34 අංක ඔස්සේ සහ ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය.

    Latest News