ශ්‍රී ලංකා ධූත මණ්ඩල කිහිපයකට කොන්සියුලර් සේවා සැපයීම සීමා කෙරේ

මාර් 16, 2020

    කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් අද සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා ධූත මණ්ඩල කිහිපයක කොන්සියුලර් සේවා සැපයීම සීමා කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    එම රටවල් අතරට ඉතාලිය,ඉරානය,දකුණු කොරියාව,ප්‍රංශය, ස්පාඤ්ඤය,ජර්මනිය,ස්විට්සර්ලන්තය,ඩෙන්මාර්කය,නෙදර්ලන්තය,ස්වීඩනය සහ ඔස්ට්‍රියාව ඇතුළත්.

    රජය විසින් පනවා ඇති සංචාරක තහනම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනූව, අද සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලික / හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, ශ්‍රී ලාංකිකයින්ගේ මරණවලට අදාළ ලේඛන නිකුත් කිරීම, සහතික කිරීම හා හදිසි කොන්සියුලර් සේවය සැපයීම මෙම රටවල තාවකාලිකව සීමා කර තිබේ. සේවාවන් ලබාගැනීම සඳහා කලින් වෙන්කර ගැනීම් ස්ථීර කර ගැනීමට, සීමිත කොන්සියුලර් සේවා සහ අදාළ තොරතුරු ලබාගැනීම සඳහා හදිසි ඇමතුම් අංකයක් ද ලබාදී තිබේ.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 07:21

    Latest News