රනිල් වික්‍රමසිංහ අද අගමැති ධුරයේ දිවුරුම් දෙයි (වීඩියෝ)

දෙසැ 16, 2018
  • එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.

    එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ, ජනාධිපති කාර්යාලයේ දී එය සිදු කෙරෙන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම්...

    එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා...ඒ පිළිබඳව අපි දැන් සාකච්ජා කරමින් යනවා..පුළුල් සන්ධානයක් සහිතව, එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් තමයි අපි හදන්නේ.. බොහෝ විට අමාත්‍ය ධුර 30කට සීමාවෙයි..ඒ ගැනත් සාකච්ජා කරමින් යනවා..රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනවා.. ඊට පස්සේ සාකච්ජා කරළා අවසන් තීරණයකට එනවා...