පේතායි චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

දෙසැ 16, 2018

    නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පේතායි සුළි කුණුටුව ඉදිරි පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි, අපේක්ෂා කෙරේ.

    මේ හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හා සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතී. එය පැයට කිලෝමීටර 70-80ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මේ හේතුවෙන් මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 12:12

    Latest News