“කොරෝනා“ ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක්... (වීඩියෝ)

මාර් 14, 2020
  • “කොවිඩ් නයින්ටීන්“ වෛරසය සම්බන්ධයෙන් අපේ රට තුළ ද මේ වනවිට සත්‍ය-අසත්‍ය විවිධ මතවාද පැතිර යයි.

    එම නිසා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මේ...

    මේ අපි බයවෙන්න ඕනේ වෙලාවක් ද?

    බියවීම කිසිම රෝගයට ඖෂධයක් නෙමෙයි. මේ බියවිය යුතු කාලය නොවෙයි දැනුවත් වූ දේ සියයට සියයක් ක්‍රියාත්මක කිරීම ඔබේ වාරයයි.

    නිරෝධායනය කියන්නේ මොකක්ද?

    දැනට රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයන්, නමුත් රෝග කාරකයක් ශරීරගත වෙලා යැයි සැක කළ හැකි පුද්ගලයන් අන් අයගෙන් ඈත්කර තැබීමයි.

    රටින් ආ අපේ අය, මෙහෙම රඳවා තැබීම ඔවුන්ට හිරිහැරයක් ද?

    ඔවුන්ගේ නිවැසියන්, ආදරණීයන්, සමස්ත රට වැසියන් සුරක්‍ෂිත කිරීමටත්, ඔවුනට රෝග ලක්‍ෂණ මතුවන මුල් අවස්ථාවේදීම ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් කරන සුවිශේෂ සත්කාරයකුයි මේ.

    අවදානමක් නොමැති රටවලින් ආපු අය.

    දින 14ක් යනතුරු නිවසේම රැඳී සිටින්න. අන් අය ගතින් තරමක් ඈත් වුණත්, ඔවුන්ට සිතින් වඩාත් ළංවී මේ කරන කැප කිරීමට සහයෝගය ලබාදෙන්න.

    දැන්වත් අපි මුඛ ආවරණ පළඳින්න ඕනද?

    මුඛ ආවරණ අවශ්‍ය නැහැ. නමුත් ඔබ රෝගියෙන් යැයි ඔබට සැක නම් සහ රෝගීන් සමඟ ඉතා සමීපයෙන් කටයුතු නරනවා නම්, මුඛ ආවරණ අවශ්‍යයි.

    මේ අභියෝගය ජයගන්න අපිට පුළුවන්ද?

    මීට වඩා අභියෝග ජයගෙන තිබෙනවා. ඒ සඳහා සියළු ශ්‍රී ලාංකිකයන්ගේ කැපවීම අත්‍යවශ්‍යයි. එසේ වුවහොත් මේ අභියෝගය අපිට ජයගන්න පුළුවන්“ යැයි විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 19:16

    Latest News