"සමාගම්වලට සහන දෙනවට වඩා ජනතාව ගැන සිතිය යුතුයි"

ඔක් 18, 2018

    පැණිබිම සමාගම් ජාතික ආර්ථීක සභාවේ දී සහන ඉල්ලා සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මීරිගම මුලික රෝහලේ විකිරණ ඒකකය, වාට්ටු නවීකරණය කිරිම සහ ස්කෑන් ඒකකය සහ ශල්‍යාගාරය සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

    “ජාතික ආර්ථික සභාව අද පැවැත්වුනා. එහිදී පැණිබිම සමාගම් සහන ඉල්ලා සිටියා. මම ප්‍රකාශ කළා සමාගම් ජනතාවට රෝග බෝ කරලා මුදල් හම්බකර ගන්නා බව. එම රෝග නිවාරණය සදහා රජයට විශාල වියදමක් දරන්න සිදු වෙනවා. සමාගම් වුවත් සාධාරණ විය යුතුයි. ව්‍යාපාර කළත් ජනතාවට සේවාවක් කළ යුතුයි. යහපාලන රජය බිහි නොවුනා නම් රෝගී ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව සියයට සියයක් ලැබෙන්නේ නැහැ. එම නිසා පැණිබීම සමාගම්වලට සහන ලබාදීමට වඩා ජනතාව ගැන අපි සිතිය යුතුයි. අපේ රට, ජාතිය ගැන හිතන්න ඕනි. ජනතාව රෝගාබාධවලින් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. වත්මන් රජයෙත් දුර්වලතා තිබෙනවා. රජය තුල විවිධ හොරකම්වලට සම්බන්ධ අය ඇති. ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් පසුගිය රජයට වඩා මෙම රජය හොදයි.”

    Latest News