අධිකරණයට අසත්‍ය සාක්‍ෂි දෙන්නැයි තමාට සහ බිරිඳට CID ඉහළ නිලධාරීන් බලපෑම් කළා; ලුතිතන් චන්දන ප්‍රසාද්

මාර් 12, 2020

    හිටපු ආරක්‍ෂක ලේකම්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ අසත්‍ය සාක්‍ෂි ලබාදෙන ලෙස තමාට සහ තම බිරිඳට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බලපෑම් කළ බව, ලුතිතන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා පවසයි.

    චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවි සම්පත්“ නැමැත්තා දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමසම හමුවේ මේ බව කියා සිටියේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ එහි හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා යන අය මෙසේ බලපෑම් කළ බව ඔහු අද කොමිසම හමුවේ සඳහන් කළේය.

    හෙට්ටිආරච්චි මහතාගේ බිරිඳ වන චතුරිකා නදිශානි වීරවික්‍රම මහත්මිය ලබන අප්‍රේල් පළමුවැනිදා කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් වීමේ සිද්ධියට ලුතිතන් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා චෝදනා ලැබ සිටී.

    Latest News