ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙනවා; අමාත්‍ය අමරවීර

මාර් 12, 2020

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර...

    “ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩුවීමක් තිබෙනවා. ඒ මිල වරින්වර ඉහළ-පහළ යන තත්වයක් තියෙනවා. මේ පිළිබඳව සාකච්ජා කරලා මේ ඉන්ධන මිලේ අඩුවීම කොහොම ද ජනතාවට සෘජුව ලබාදෙන්නේ කියලා තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. කිහිප වතාවක් ඉන්ධන මිල අඩු කළා. ඒ හා සමානව බස් ගාස්තු අඩුවුණේ නැහැ. ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට අතරට ගියේ නැහැ. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව අතරට ගියේ නැහැ. මේක කළමනාකරණය කරගෙන කොහොමද සාමාන්‍ය ජනතාව අතරට යන විධිය පිළිබඳව වැඩපිළිවෙළක් එක්ක තමයි අපි ඒ සහනය දෙන්නේ“ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    Latest News