සමගි ජනබලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වනවා; හර්ෂ ද සිල්වා (වීඩියෝ)

මාර් 11, 2020
  • සමගි ජනබලවේගය නියත වශයෙන් දුරකතනය ලාංඡනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

    එහෙත්, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, තවත් දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය ගතහොත් සංවිධායක ධූර මෙන්ම, පක්‍ෂයේ නිලතල ද ඒ මොහොතේ අහෝසි වන බවයි.

    එහිදී අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා...

    “අපේ බ්‍රෑන්ඩ් එක සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස බ්‍රෑන්ඩ් එකත් එක්ක තමයි අපි යන්නේ. උපරිම උත්සාහ කරා ඉදිරියට අරගෙන යන්න. නමුත් විකල්පයක් අපිට ඉතිරි වෙලා තියෙන්නේ මෙච්චරයි. අපි නියත වශයෙන්ම සමගි ජන බලවේගය දුරකතන ලාංඡනයෙන් ඡන්දයට ඉදිරිපත් වෙනවා“ යැයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    වජිර අබේවර්ධන මහතා...

    “අපිට පුලුවන් කමන් නැහැ එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෝ හැටියට තවත් දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වයක් සඳහා ගමන් කරන්න. යම් පිරිසක් ගමන් කරනවානම් ගමන් කරන සියලු දෙනාගේම එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකකම්, නිලතල තනතුරු, ඒ මොහොතේ සිට අහෝසි වෙනවා.

    Vajira px 900 11 03 20

    අහෝසි වුණාට පස්සේ එක්සත් ජාතික පක්‍ෂය නව ගමන් මාර්ගයකට පිවිසිය යුතුව තිබෙනවා. කෙනෙක් හිතන්න පුලුවන් එක්සත් ජාතික පක්‍ෂය මේ දක්වා නිහඬයි කියලා. පක්‍ෂයේ නායකතුමා උපදෙස් දුන්නේ ගැටෙන්න එපා. සියලු දෙනා එකතු කරගෙන ගමන් කරන්න. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්‍ෂය නිහඬව කටයුතු කරලා තියෙන්නේ“ යැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 20:11

    Latest News