තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික “චතාරික“ මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින්

මාර් 08, 2020

    තලවිල ශාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්ෂික “චතාරික“ මංගල්‍යය හෙවත් “ඔරු“ මංගල්‍යය අද පැවැත්විණ.

    මෙවර එය පැවැත්වුණේ 258 වැනි වරටයි. ධීවර ප්‍රජාවගේ 149 වැනි මංගල්‍යය ද මෙයයි. මහා දේව මෙහෙය පවත්වනු ලැබුවේ, හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් සහ මඩකලපුව රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය ජෝෂප් පොන්නයියා යන රදගුරුන් විසින්. ලෝකවාසී ජනතාව මුහුණ පා ඇති වසංගත තත්වයෙන් මිදී සමස්ත ජනතාවට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම ද මෙහිදී සිදු කෙරුණා. මංගල්‍යය නිමාවට පත්වුණේ, ශාන්ත ආනා දේව ප්‍රතිමාව රැගත් පීථිකාව වීථි සංචාරය කිරීමෙන් පසුවයි. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර, විශේෂ බස් හා දුම්රිය සේවාව ද ක්‍රියාත්මක කෙරුණා.

    Latest News