ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්රදේශය, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා - ඇල ප්රාදේශීය සභා බල ප්රදේශය සහ ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.
විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේය.