දිවයිනේ තැන් කීපයකට අදත් සවස වැසි

මාර් 07, 2020

    සබරගමුව, මධ්‍යම, උතුරු - මැද සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල, මාතර, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත්, විශේෂයෙන් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

    මධ්‍යම, ඌව සහ උතුරු - මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

    Latest News