ජාතික පොහොර ප්‍රතිපත්තියක් සැකසීමට කැබිනට් අනුමැතිය

මාර් 07, 2020

    ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත මේ දක්වා කිසිදු සංශෝධනයකට ලක්ව නොතිබීම හා විධිමත් ජාතික පොහොර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොමැති වීම එම ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට විශාල බාධාවක්ව ඇති බවට හඳුනාගෙන ඇත.

    ඒ අනුව ජාතික පොහොර ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, එසේම එම කමිටුව විසින් සකස් කරනු ලබන කෙටුම්පත සම්බන්ධයෙන් අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ හා මහජනතාවගේ අදහස් ලබා ගනිමින් අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහාත් වූ යෝජනාව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත පසුගියදා ඉදිරිපත් කර තිබිණි.

    Latest News