මහ මැතිවරණයෙන් පසු කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්විය යුතුයි; අගමැති

මාර් 06, 2020

    මහ මැතිවරණයෙන් පසු කඩිනමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මහ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් ලබාගෙන රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවයි. ප්‍රවෘත්ති කතෘවරුන්, පුවත්පත් විශේෂාංග කතෘවරුන්, දේශපාලන ලිපි රචකයන් හා කාටුන් ශිල්පීන් සමඟ අරලියගහ මන්දිරයේ දී අද (06) පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා...

    එහිදී දඅහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා....

    “අපි මහ මැතිවරණය තියලා ඉතාමත්ම ඉක්මණින් ඊළඟ මැතිවරණයටත් යනවා. අපි කල් දාන්නේ නැහැ. මුලිකව ඇත්ත වශයෙන්ම 19 ඉවත් වෙන්න ඕනේ. ඒකෙන්නේ මේ ප්‍රශ්න ගොඩක් ආවේ. ඒ අවුරුදු කිහිපය තුළ අපි කරපු දේවල් යුද්ධය අවසන් කරපු එක, ආර්ථිකය ශක්තිමත් කළා, විදේශ ආයෝජන, යටිතල පහසුකම්, 100%ක් විදුලිය ලබාදෙන්න පුලුවන් වීම, මේවා සාකච්ජා වෙන්නෙත් නැහැ. අපේ අයත් මේවා දුන්නට පස්සේ කතා කරන්නේ නැහැ. හුඟක් අය දන්නේ නැහැ මේවා ලැබුණේ කොහොමද කියලා. ඒ ආර්ථිකය පසුගිය අවුරුදු පහේ දරුණු ලෙස කඩා හැලුණනේ. විරැකියාව වැඩිවුණා. හැම අංශයක්ම ගත්තොත් කෘෂිකර්ම, කර්මාන්ත හැම අංශයක්ම කඩා වැටුණා. එවැනි තත්වයක් තිබුණා“ යැයි අගමැතිතුමා පැවසීය.

    Latest News